සියයට හතරේ කොවිඩ් සහන ණය ඉල්ලීමේ කාලය සැප්තැම්බර් 30 තෙක් දිගුවෙයි

‍කොවිඩ්-19 වසංගතය හේතුවෙන් අර්බුදයට ලක් වූ ව්‍යාපාර ප්‍රජාවට ලබාදෙන පොලිය සියයට 4ක් වන කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාල සීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.

ඉහත පහසුකම යටතේ බලපත්‍රලාභී බැංකු මඟින් අයදුම් කරන ලද ණය අයදුම්පත් 36,489ක් සඳහා රුපියල් මිලියන 100,017ක් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 අගෝස්තු 18 වන දින වනවිට අනුමත කොට ඇති අතර ඒ අනුව රුපියල් බිලියන 100ක ණය කඩඉම අභිබවා ගොස් ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අනුමත ණයවලින් බලපත්‍රලාභී බැංකු පසුගිය අගෝස්තු 18 වැනිදා වන විට දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින් 25,365ක් අතර බිලියන 68.5ක් මුදාහැර ඇත.

Exit mobile version