ඕනෑවට වඩා සේවකයන් ගෙන්වූ ප්‍රධාන පෙළේ සමාගමකට අනතුරු හඟවයි

කොල්ලුපිටියේ පිහිටි ශ්‍රි ලංකාවේ ප්‍රධානතම පෙළේ සමාගමක ප්‍රධාන කාර්යාලය නිරෝධායන නිති රීතිවලට පටහැණිව සිමාරහිත ලෙස සේවක සේවිකාවන් ගෙන්වා ගැනීම හේතුවෙන් කොළඹ නගර සභාවේ සෞඛ්‍ය අංශ අවවාදාත්මක අනතුරු ඇඟවීමක් කර ඇති බව වාර්තා වේ. කොළඹ දිස්ත්‍රික්කයේ තවමත් ඇඳිරි නීතිය පවතින තත්ත්වයක් තුළ සහ කාර්යාල සහ ව්‍යාපාර ආයතන පවත්වාගෙන යාමේදී ලබා දී ඇති මඟ පෙන්වීම් මාලාවට අනුකූල නොවන අයුරින් එම සමාගම කටයුතු කර ඇති අතර මේ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් එහි යන විට එක් නිලධාරියකු ඔවුන්ට දෝෂාරෝපණය කොට විරෝධතාව පළ කොට ඇත. 

දිනකදී ගෙන්වා ගත යුතු සේවක සංඛ්‍යාව සමස්ත සේවක සංඛ්‍යා‍වෙන් සියයට 30කට නොවැඩි විය යුතු වුවද එම ආයතතනය ඊට වඩා වැඩි සේවක ප්‍රමාණයක් රාජකාරී සඳහා ගෙන්වාගෙන තිබේ. පසුව මේ පිළිබඳව එම ආයතනයේ සේවකයන් පිරිසක්  කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය වෙත මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට ඇති අතර ඔවුන් එහිදී උපදෙස් දී ඇත්තේ පළාතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දන්වන ලෙසය. මේ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාද පමිණ ඇති අතර ඔහු ගේ නිරීක්ෂණය වී ඇත්තේ මූලික පිළිවෙත්වත් අනුගමනය කිරීමට මේ මහා පරිමාණ ආයතනයේ කළමනකාරීත්වය පියවර ගෙන නොමැති බවය . එහි පහත මාලයේ ප්‍රදර්ශනාගාරයට ගනුදෙනුකරුවන් පවා පැමිණ සිටියද ඔවුන්ද ඇතුළු කරගෙන තිබුණේ සෞඛ්‍ය පිළිවෙත්වලට පටහැණිවය. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ ආකාරයෙන් නිරෝධායන නීති සහ ඇඳිරි නිතිය උල්ලංඝනය වන ආකාරයට කටයුතු කළහොත් ආයතනය වසා දමා අදාළ පියවර ගැනීමට සිදුවන පොලිසියේ නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් අනතුරු අඟවීමෙන් අනතුරුව අදාළ කළමනාකරුවන් පැමිණ සමාව අයද තිබේ. එසේම මෙම රාජකාරී කටයුතුවලට බාධා කළ නිලධාරීන්ට විනය පියවර ගත් බවද දැනුම් දී තිබේ.   


Exit mobile version