ලොව ප්‍රමුඛ සමාගම් රැසක් සේවකයන්ට නිවසේ සිට ස්ථිරව රැකියා කිරීමට අවස්ථාව දෙයි

ෆෝඩ් මෝටර් රථ සමාගමේ සිට මයික්‍රොසොෆ්ට් දක්වා ලොව ප්‍රමුඛ පෙළේ වෘත්තීය සමාගම් තම සේවකයන් වැඩි වැඩියෙන් නිවසේ සිට ඉදිරි ගිම්හානය දක්වා රාජකාරි කිරීමට හැකිවන පරිදි කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.

කොරෝනා වසංගත තත්ත්වය ලෝකයම ගිලගෙන අමරිකාවට ද පසුගිය මාර්තුවේ රිංගා යෑමෙන් පසු එරට සමාගම් බොහොමයක් තම සේවකයන්ට කියා සිටියේ කාර්යාලයෙන් දුරස්ථ වී කෙටි කාලයක් සිටින ලෙසයි. සේවකයන්ද සිතුවේ තම කාර්යාල කුටිවලට සති කිහිපයකින් යළි ගොස් සේවය කළ හැකි බවයි. එහෙත් තත්ත්වය සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරමින් සැප්තැම්බර් වන තෙක් ඔවුන්ට දින සති වී, සති මාස වී නිවසේ සිටීමට සිදුවී ඇත. ඇමරිකාව තුළ වරින් වර කොරෝනා වසංගතය උත්සන්නවීම නිසා බොහොමයකට සිදුවූයේ රැකියා අහිමි කර ගැනීමටයි. සමාගම් දිගින් දිගටම පාඩු ලැබීම නිසා මේ තත්ත්වය වෙනස් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත. ලබන වසරේ ගිම්හානයත් කලින්ම එන නිසා පෙර සූදානමින් යුතුව වසංගතය සමඟ පොර බැදීමට බොහෝ සමාගම් පියවර ගනිමින් සිටී.

2021 වසරේ ජුලි මාසයේදී තම සේවකයන් යළි කාර්යාලයට පැමිණිය යුතු දිනය පළමුව නිවේදනය කරන ලද්දේ Google සමාගමයි. වසංගතයේ තවත් රැල්ලක් ඒමට හැකි බවට සෞඛ්‍ය අංශ දැනුම් දීමත් සමඟ මෙම සමාගම්වලට සිදු වූයේ ද සිදුවූයේද තමන්ගේ සේවකයන් රාජකාරියට ගෙන්වීමේ දින කල් දැමීමයි. එම පියවර අනුගමනය කරමින් Uber, Slack සහ Airbnb යන සමාගම් ද යළි කාර්යාලයට පැමිණිය යුතු නිවේදනය කරන්නට විය. පසුගිය සතියේදී Microsoft, Target, Ford මෝටර් රථ සහ The New York Times ආයතන ද කාර්යාලයට පැමිණිය යුතු දිනයන් පිළිබඳ කල් තබන්නට විය.


මෙවැනි තත්ත්වයක් තුළ සැන් ෆ්‍රැන්සිස්කෝ හි DocuSign සමාගම තීරණයක් ගත්තේය. ඒ ඉලෙක්ට්‍රොනික ලිපි ගොනු පද්ධතියක් සකස් කරමින් අත්සන් ඉලෙක්ට්‍රොනික ක්‍රමයට භාවිත කිරීමට ආරම්භ කිරීමයි. ඔවුන් අගෝස්තුවේ සිට මෙම ක්‍රමය භාවිත කිරීමට පටන් ගත් අතර ඒ අනුව ඔවුන්ගේ සේවකයන් නිවසේ සිට රාජකාරි කිරීමට පටන් ගත්තේය. මේ අනුව ඔවුන් 2021 ජුනි මාසය දක්වා 5200ක්වූ තම සේවකයන් නිවසේ සිට රාජකාරි කරවීමට සලස්වා තිබේ.

ඇමරිකාව තුළ 73%ක් පමණ වන සේවකයන් කාර්යාල වෙත යාමට, එහි සෞඛ්‍යය පිළිබඳ අවදානමකට මුහුණ පා සිටින බව සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ. ඔවුන්ට යළි කාර්යාලයට යාමට බලකිරීමක් නොමැත්තේ ද එබැවිනි. මේ තත්ත්වය හමුවේ බොහෝ සමාගම් දැන් දැන් පියවර ගෙන ඇත්තේ නිවසේ සිට තිර ලෙස රැකියාව කිරීමට පසුබිම සැකසීමට ය.

ෆේස්බුක් සමාගම පළමු වරට තම සේවකයන් නිවසේ සිට සේවය කකරන බවට නිවේදනය කළේ පසුගිය මැයි මාසයේදීය. Twitter, Coinbase, Shopify යන සමාගම් ද පසුව ක්‍රමයෙන් එම පියවර ගෙන තිබුණි. පසුගිය සිකුරාදා දිනයේ Microsoft නිවේදනය කර ඇත්තේ තම සමාගමේ සේවකයන්ට ද නිවසේ සිට තිර ලෙස රැකියා කිරීමට කටයුතු සලසන බවයි.

ෆෝඩ් මෝටර් රථ සමාගම පසුගිය සතියේ සිය තීරණය නිවේදනය කරමින් කියා සිටියේ 32000ක් වන තම උතුරු ඇමරිකානු සේවකයන් දැනටමත් නිවසේ සිට සේවය කරන බවයි. එම සමාගමේ සේවකයන් 188,000ක් පමණ සේවය කරන අතර තම කර්මාන්ත ශාලාවේ වැඩ කරන සේවකයන්ට පමණක් එය අදාළ නොවන බව එම සමාගම පෙන්වා දෙයි.

Slack සමාගමේ සේවකයන්ගෙන් 72%ක් නිවසේ සිට රාජකාරි කරන අතර ඔවුන් කලාතුරකින් සේවා ස්ථානය වෙත ගෙන්වා ගනු ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොස්ටන් හි පිහිටි Rapid7 නැමති සයිබර් ආරක්ෂණ සමාගම ද සිය 1600ක් වන සේවකයන් නිවසේ සිට සේවය කරන අතර ඔවුන් ලබන ගිම්හානය වන තෙක් හෝ ඊට පස්සේ වුවත් අඛණ්ඩව මෙම ක්‍රමයට තම සමාගමේ කටයුතු අඛණ්ඩව ක්‍රම කරගෙන යාමට සැදී පැහැදී සිටියි.

Exit mobile version