ඩිස්නි ලොක්කා TikTok හි CEO වෙයි

මේ දිනවල අතිශය ජනප්‍රිය ජනප්‍රියත්වයට පත්ව ඇති වීඩියෝ සමාජ ජාලයක් වන tik tok ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ඩිස්නි සමාගමේ ප්‍රධානියෙකු පත්ව තිබේ.

ඔහු tik tok හි පළමු විධායක නිලධාරියා ද වීම විශේෂත්වයකි.
මෙලෙස පත් වී ඇත්තේ ඩිස්නි සමාගමේ head of streaming ලෙස කටයුතු කළ කෙවින් මේයර් ය.

මේයර් මෙලෙස පත්ව ඇත්තේ  tik tok හි ප්‍රධාන විධායක නිලධාරියා මෙන්ම එහි මව් සමාගම වන ByteDance හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ද ලෙසයි.
මෙම සමාගම් චීනයේ බිහිවූ සමාගම් ය.
TikTok යනු කෙටි වීඩියෝ මුදාහැරෙන සමාජ ජාලයක් වන අතර එය විනෝදය උදෙසා  නිර්මාණාත්මක ලෙස තම වීඩියෝ මුදා හැරීම වෙනුවෙන් සකසා ඇති app එකකි.
මෑත කාලයේදී tik tok ඇමරිකාවේ හඳුන්වාදීමත් සමඟ එහි ජනප්‍රියත්වයේ උච්චතම අවස්ථාවට පත් වීමත් සමග මෙම නවතම තනතුර අලුතින් හඳුන්වාදීමට මව් සමාගම තීරණය කර ඇත.

එහෙත් එම ජනප්‍රියතාවය වැඩිවීම නිසා අමෙරිකානු රජය චීනය සමඟ ඇති සබඳතා පිළිබඳව විමසිලිමත් වීමට හේතු වී තිබේ.

මේ අනුව ByteDance හි ව්‍යාපාර සංවර්ධනය, ක්‍රීඩා සහ සංගීතය ඇතුළුව “ගෝලීය සංවර්ධනය” සඳහා නව තනතුර
කෙවින් මේයර්

ට පත්වූ කෙවින් මේයර් වගකිව යුතුය.

“ByteDance සමාගමේ සාර්ථකත්වයේ ගමනේ මීළඟ අදියර මෙහෙයවීම සඳහා මගේ දායකත්වය ලබාදීමට ලැබීම ඉතා සතුටට කරුණක්. ඒ වගේම මෙම සමාගම් විසින් බිහිකරන නිර්මාණ ලොව පුරා සෑම ප්‍රදේශයකම අඛණ්ඩව ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා” යැයි මේයර් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
 2017 දී ගෝලීයව හඳුන්වා දුන් TikTok එදින සිට iOS සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් ඔස්සේ බිලියන 2 කට වඩා වැඩි වාර ගණනක් බාගත කර ඇත.
පසුබිම් සංගීතය සමඟ තත්පර 15 ක් දක්වා වීඩියෝ නිපදවීමට මෙම යෙදුම සිය පරිශීලකයින්ට ඉඩ සලසා දේ.
කොරෝනා වයිරස් වසංගතය අතරතුර ලොව බොහෝ රටවල ජනතාව නිවසේ රැදී සිටීම හේතුවෙන් TikTok හි ජනප්‍රියතාවය තවදුරටත් ඉහළ නැංවීමට උපකාරී විය.
බොහෝ පරිශීලකයින් ඔවුන්ගේ නිරෝධායන අත්දැකීම් පිළිබඳ විකට හෝ සංගීත වීඩියෝ මුදාහැරීමට TikTok භාවිත කරමින් සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Exit mobile version