WHO අනුමැතිය නැති සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6 අපේ ජනතාවට දෙන්නෙ නෑ…

රාජ්‍ය ඇමතිනී සුදර්ශනී කියයි. මාත්‍රා ලක්ෂ 06 ලංකාවේ ජීවත්වන චීන ජාතියන්ට එන්නත් කරයි...

සමන්තිකා වීරවර්ධන –                                          

චීන රජයේ ප්‍රධානයක් ලෙස සිනෝෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් මෙරටට ලැබුණද එය මෙරටට ජනතාවට ලබා දීමට ජාතික ඖෂධ නියාම අධිකාරියේ අවසර හිමිව නොමැති බව ප්‍රාථමික සෞඛ්‍ය වසංගත රෝග සහ  කොවිඩ් පාලන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ   සදහන් කරයි‍

එන්නතට අදාල ලියකියවිලි තවමත් නිසි පරිදි සපුරා දීමට චීන රජය කටයුතු කර නොමැති බැවින් ඒ එම ලියකියවිලි සම්පූර්ණයෙන්ම මෙරටට ලැබුණු පසුව ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ තාක්ෂණික කමිටුව මගින් එය පරික්ෂා කර බලා අනුමැතිය ලබා දෙන තෙක් මෙරට ජනතාව වෙනුවෙන් භාවිත නොකරන බව ඇය සදහන් කළාය‍.

කෙසේ නමුත් මෙම සයිනෝෆාම් එන්නත මෙරට සිටින චීන ජනතාවට ලබා දෙන බවද ඇය වැඩිදුරටත් පැවසීය‍.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මෙම එන්නත චීනයේ භාවිත කළද මේ වන තෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවා අනුමැතිය හිමි නොවී ඇති බවත් ඉදිරි දින කීපය තුළදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමියි වීය හැකි බවට විශ්වාසය පළ කල හැකි බවත් ඇය වැඩිදුරටත් අනාවරණය කළාය‍.

 

Exit mobile version