SSPගේ දුව කෝටි 6ක් පාඩු කළ කාර් සේල් එකට සිදුවූ අලාභයම නොලැබෙන ලකුණු

නෙලුම් පොකුණ අසල පිහිටි මෝටර් රථ අලෙවිසලට සුඛෝපභෝගී ජීප් රථයක් පසුගිය දා කඩා වැදීමෙන් සිදුවූ රුපියල් කෝටි 6කට අධික අලාභයට වන්දි ගෙවීම සම්බන්ධයෙන් ආරවුලක් ඇති වී ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

අලාභහානි සිදුවූ මෝටර් රථ විකුණුම් මධ්‍යස්ථානය පවසා ඇත්තේ අදාළ පාර්ශවයන් විසින් වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ආරවුල ඇති වූ බවයි.

ගොඩනැගිල්ලට සිදුවී ඇති හානිය සහ ප්‍රදර්ශනාගාරයේ ප්‍රදර්ශනය කර ඇති සුඛෝපභෝගී වාහන හතක් හානිවීමෙන් සිදුවූ පාඩුව රුපියල් මිලියන 60 කට වඩා වැඩි යැයි ගණන් බලා තිබේ.


කෙසේ වෙතත් සමාගම විසින් වන්දි වශයෙන් ඉල්ලා සිටින්නේ රුපියල් මිලියන 20 ක් පමණක් බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.

පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායකගේ දියණිය වන දහනව හැවිරිදි මලීෂා රත්නායක නොවැම්බර් 15 වනදා ඇල්බට් ක්‍රෙසන්ට් හි ගොඩනැගිල්ලට කඩා වැදුණු සුඛෝපභෝගී ජීප් රථය පදවාගෙන ගොස් තිබේ.

පසුව ඇයට රියදුරු බලපත්‍රයක් නොතිබු බවට අනාවරණය විය.

සිද්ධිය වූ විගසම කුරුඳුවත්ත පොලිසිය ඇයව අත්අඩංගුවට ගත් නමුත් පැය කිහිපයකට පසුව පොලිස් ඇප මත ඇයව නිදහස් කළේය.

පසුදින ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අතර රුපියල් 200,000 ක ඇප මත නිදහස් විය.

නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පැදවීම යන චෝදනාවලට ඇයට එල්ල වී තිබේ. නඩුවේ මීළඟ නඩු විභාගය ජනවාරි 22 දා ය.

ඇය පැදවූ ලෑන්ඩ් කෲසර් ජීප් රථයට රු. මිලියන 15 ක් වන බව වාහනයේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෙක් අධිකරණයට පැවසීය. ජීප් රථය කුලියට ගෙන ඇත්තේ කාර් කුලියට දෙන සමාගමකිනි.

වලංගු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකු විසින් වාහනය පදවා ඇති බැවින් වන්දි ගෙවීමට ද නොහැකි බව කුලී මෝටර් රථ සමාගම පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම තරුණියට වාහනය භාර දුන් මිතුරා සමාගමේ හිමිකරුගේ පුත්‍රයා වන අතර වලංගු රියදුරු බලපත්‍රයක් නොමැති පුද්ගලයෙකුට රිය පැදවීමට අවසර දීම සම්බන්ධයෙන් ද නඩු පවරන බව පොලිසිය පවසයි.

Exit mobile version