QR සිස්ටම් හැදුවට බෙදන්න ප්‍රමාණවත් තරම් ඉන්ධන රට තුළ නෑ – දැන් බලශක්ති ඇමතිම කියයි..

Kanchana-W

QR ඛේත ක්‍රමය ඔස්සේ ඉන්ධන බෙදා දීම ආරම්භ කළ ද  සියල්ල සම්පූර්ණ වන්නේ නැති බවත්  දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාවට නොහැකි බව බලශක්ති ඇමති කාංචන විජේසේකර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

ඔහු මේ  බව ප්‍රකාශ කරන්නේ නව ක්‍රමයට ඉන්ධන බෙදා දීම සම්බන්ධ දීර්ඝ ට්විටර් පණිවිඩ මාලාවක් නිකුත් කර පැය දෙකක් ගතවීමට පෙරය.

දෛනික ඉන්ධන ඉල්ලුම සපුරාලිය නොහැකි නිසා QR පද්ධතිය හඳුන්වා දෙන ලදී.  විදේශ විනිමය සම්බන්ධව පවතින ගැටළු හේතුවෙන් ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය සීමා කිරීමට සිදුවන බව ද ඔහු කියයි.

ඛණිජතෙල් නීතිගත සංස්ථාව කිසිම දිනක සෑම ඉන්ධන පිරවුම්හලකටම දිනපතා ඉන්ධන බෙදා හැර නැති බවත්  තොග අසීමිතව තිබියදී පවා ප්‍රායෝගිකව එය  කළ නොහැකි බවත් ඇමතිවරයා කියයි.


කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අන්තිම අංකයට ඉන්ධන දෙන්නේ අගෝස්තු 01 දා තෙක් පමණයි…

Exit mobile version