LTTE හිතවාදී වේබ් කරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට…

දිනසේන රතුගමගේ

යාපනයේ නාවලර් වීදියේ නිවසක සිට මෙහෙයවන ලද තමිල් කොඩි නැමති එල්.ටී.ටී.ඊ.හිතවාදී වෙබ් අඩවියක මෙහෙයුම්කරුවන් ලෙස කටයුතු කළ කාන්තාවක් හා පිරිමියෙක් පොලිස්  ත්‍රස්ත මර්දන ඒකකය විසින් 29 දා උදෑසන යාපනයේදී අත් අඩංගුවට ගෙන තිබේ.

මේ දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ ඔවුන් පදිංචිව සිටි යාපනයේ අරියාලේ හා සූදුමලේ යන ප්‍රදේශවලදීය.

යාපනයේ සිට මෙහෙයවනු ලබන වෙබ් අඩවියක  ක්‍රියාකාරී කලමනාකාරවරියක් මීට දින කීපයකට ඉහතදී  යාපනයේදී අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කළ අතර ඇයගෙන් ලද තොරතුරු වලට අනුව මේ දෙදෙනාද අත් අඩංගුවට ගෙන තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අත් අඩංගුවට ගත් දෙදෙනා  වවුනියාවේ ත්‍රස්ත මර්දන ඒකකය වෙත රැගෙන ඒමට පියවර ගෙන තිබේ.

Exit mobile version