දිනසේන රතුගමගේ –
දිවයන තුළ ධරුණු ගණයේ මිනීමැරුම් ගණනාවක් කර පලා ගිය ලාංකිකයන් තුන් දෙනෙක් සහ ඉන්දීය ජාතිකයෙකු ඉන්දියාවේ බැංගලෝරයේ මහල් නිවාසයක සිටියදී ඉන්දීය පොලිසියේ බැංගලෝර් මධ්‍යම අපරාධ අංශය (CCO) විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ.
කොටි සංවිධානයට යළි පණ දීම සදහා එම සංවිධානය පිළිබඳව ප්රචාරක කටයුතු වල නිරත වූයේ යැයි මුලදි ප්‍රකාශ වුව ද මෙම පුද්ගලයින් දෙමළ නොදන්නා බවත් ඔවුන් පිළිබඳ විමර්ශනයේ දී ලංකාව තුළ මිනීමැරුම් ගණනාවක් කර ඉන්දියාවට පලා ආ පුද්ගලයින් තිදෙනෙක් බවත් බැංගලෝර් මධ්‍යම අපරාධ අංශය අනාවරණය කරගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
බැංගලෝර් නගරයට ආසන්නයේ මහල් නිවසක කාමරයක් කුළියට ගෙන මේ තුන් දෙනා මාස නවයක් තිස්සේ එහි සිට ඇති අතර ඒ සඳහා ඔවුන්ට උදව් කළ හා ඔවුන් සමග සිටි ඉන්දීය ජාතික තරුණයෙකුද බැංගලෝර් මධ්‍යම අපරාධ අංශය අත් අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් මේ හතර දෙනා රඳවා ගැනීමේ නියෝගයක් මත රදවා ගෙන ප්‍රශ්න කරගෙන යන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.