.lk වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් lk වෙබ් අඩවි රැසක් අඩාළයි

ශ්‍රි ලංකාවේ වෙබ් ලියාපදිංචිය සහිත .lk වෙබ් අඩවි රැසක් පරිගණක සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් මේ වනවිට අකර්මණ්‍යව තිබේ. ඊයේ රාත්‍රියේ සිට මෙම සයිබර් ප්‍රහාරය වෙබ් අඩවි සම්බන්ධයෙන් ක්‍රියාත්මක වී ඇති අතර එයින් ඇතැම් ආයතනවල ක්‍රියාකාරීත්වයට බාධා පැමිණ තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට .lk වෙබ් අඩවි ලියාපදිංචි කිරීමේ ආයතනය වන Domain.lk ආයතනයේ නිල වෙබ් අඩවියද අකර්මණ්‍ය වී ඇති අතර එම ආයතනය සහ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කිරී‍මෙහි නිරතව සිටින අතර යමකුට තම වෙබ් අඩවි පිළිබඳව දැනුම් දීමට +94 11 4216061 දුරකථන අංකයෙන් හෝ hostmaster@nic.lk ඊ මේල් ලිපිනයට දැනුම් දෙන ලෙස Domain.lk ආයතනය ඉල්ලා සිටී.

Exit mobile version