සූරියවැව – නුවන් ජයසේකර –
තණමල්විල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ ඌව කුඩාඔය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ දරුණු රිය අනතුරකින් 07 හැවිරිදි පිරිමි දරුවකු මියගොස් තිබේ.
ඊයේ (27) සවස ඌව කුඩාඔය පාසල අසලදී මෙම අනතුර සිදුව ඇති මෙම අනතුරින් බරපතල තුවාල ලද දරුවා අඹිලිපිටිය මූලික රෝහළට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙසේ මිය ගොස් ඇත..
අනතුරින් බරපතළ තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දරුවාගේ 40 හැවිරිදි පියා සහ 36 හැවිරිදි නැන්දාය. ඔවුන් මේ වන විට හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
පොලිස් පරීක්ෂණවලට අනුව, මොණරාගල, වියළුව ප්‍රදේශයේ පදිංචි මෙම පිරිස මියගිය දරුවාගේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ බලා යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. මොරකැටයේ සිට මහියංගනය බලා කෙසෙල් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රිරෝද රථයේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, රථවාහන අංශයේ නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.







