ITN එකට ටෙලි නාට්‍ය 13කින් කෝටි 06ක පාඩුවක්… විගණනය හෙළි කරයි!

ලලිත් චාමින්ද –

ස්වාධින රුපවාහිණි නාලිකාව විසින් 2020 වර්ෂයේ දි මිලදී ගත් ටෙලි නාට්‍ය 13කින් රුපියල් 6,09,65 986 ක අලාභයක්  ලබා ඇති  බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

2020 වර්ෂය තුළ ස්වාධින රුපවාහිණි නාලිකාව  විසින් ටෙලි නාට්‍ය 20ක් මිලදි ගෙන තිබුණි. එමෙන්ම ටෙලි නාට්‍ය මිලදි ගැනිමේ දි  කථාංශයක් සදහා ගෙවියයුතු  අනුමත  අගය ඉක්මවා 2020 වර්ෂය තුළ දී නාට්‍ය 06ක් සදහා  වැඩිපුර මුදල් ගෙවා  ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. එසේ වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් . 15 565 000 කි.

මේ සම්බන්ධව ස්වාධින රුපවාහිණියේ කළමණාකාරිත්වයේ අදහස් දැක්විමේ දි  විගණනයට  ප්‍රකාශකොට ඇත්තේ  අනෙකුත් තරගකාරි පුද්ගලික නාලිකාමෙන් සංස්කෘතිය සදාචාරය පසෙකලා ගුණාත්මක භාවයෙන් තොර ටෙලි නාට්‍ය විකාශයකර ආදායම් ලැබිමේ හැකියාවක්  රාජ්‍ය ආයතනයකට නොමැති බවය.


පවතින තරගකාරි තත්වය යටතේ සැම ටෙලි නාට්‍යයකින්ම  ලාභ ලැබිය නොහැකි  බව සඳහන් කොට ඇත. ටෙලි නාට්‍ය මිල  නියම කිරිම සඳහා  සදහා අනුමත අගයක් නොමැති බවත්  එක් එක්  නාට්‍ය සදහා  වැඩසටහන් මිලදි ගැනිමේ කමිටුව  අනුමත අගයන්ට අනුව  මිල තීරණය කරණ බවත්  කළමණාකාරිත්වය  විසින් සඳහන්කොට ඇත.

ටෙලි නාට්‍ය 06 සඳහා අදාල කමිටුවේ අනුමත මුදල ගෙවා ඇති අතර වැඩිපුර මුදල් ගෙවිමක් සිදුකොට නොමැති බව කළමණාකාරිත්වය මගින් සඳහන් කොට ඇත.

ටෙලි නාට්‍ය මිලදි ගැනීම විධිමත් හා විනිවිදභාවයෙන්  සිදුකළ යුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය සම්බන්දයෙන් 2020 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

Exit mobile version