IMF ණයෙන් ඉන්දීය ණය වාරිකයක් ගෙවා ඉන්දියාවෙන් තවත් ණයක් ගන්න සාකච්ඡා අරඹයි!

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදල වෙතින් ලැබුණු ඩොලර් මිලියන 330ක් වූ විස්තීරණ ණය යෝජනා ක්‍රමය යටතේ ලබා ගත් පළමු වාරිකය ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ ඩොලර් මිලියන 121ක් වූ වාරිකයක් ගෙවීමට යොදා ගැනීමෙන් අනතුරුව    ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් මුදල් හුවමාරු පහසුකම යටතේ තවත් ණය මුදලක් ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

හිටපු මහ බැංකු අධිපතිවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥයකු වන ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධ්‍යයන මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද මාර්ග ගත විද්වත් කථිකාවකට එක්වමින්  මෙම නව ණය මුදල සම්බන්ධව හෙළි කළේය.

ඩොලර් බිලියනක වටිනාකමකට ආසන්න විය හැකි  එම ණය මුදල ඉන්දීය රුපියල් මුදල් ඒකකයෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ආචාර්ය   ඉන්ද්‍රජිත් කුමාරස්වාමි පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම මුදල ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වෙළඳ කටයුතු සඳහා යොදා ගනු ඇතැයි කුමාරස්වාමි   එහිදී සඳහන් කළේය.


Exit mobile version