GMOA වෙතින් සෞඛ්‍ය බලධාරීන්ට කොන්දේසියක්

කොරෝනා ව්‍යාප්තිය ජීපීඑස් තාක්ෂණය ඔස්සේ සිතියම් ගත කිරීමේ ක්‍රමවේදය මේ සතිය තුල ක්‍රියාත්මක නොකළොත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුවට සක්‍රිය දායකත්වය ලබාදීමේ වගකීමෙන් වැළකී සිටීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ව්‍යාප්තිය ජීපීඑස් තාක්ෂණය ඔස්සේ සිතියම් ගත කිරීමෙන් රෝගීන් අඩු හා වැඩි වශයෙන් සිටින ප්‍රදේශ හඳුනාගත හැකි බවත් මෙම ක්‍රමවේදය ආරම්භ කරන ලෙස දිගු කාලයක සිට තම සංගමය කරුණු ඉදිරිපත් කළත් තවමත් එය ක්‍රියාවට ලංවා නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

මෙවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට හැකියාවක් නැති නම් එම අමාත්‍යාංශය යටතේ තිබෙන තාක්ෂණික කමිටුවක් සිටීමෙන් පලක් නැති බව ඒ මහතා සඳහන් කළේය.


මේ නිසා තව දුරටත් එම යෝජනාව ක්‍රියාවට නංවන්නේ නැති නම් තාක්ෂණික කමිටුවෙන් ඉවත් වීමට තම සංගමයේ විධායක සභාව තීරණය කළ බවද අලුත්ගේ මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා රෝගීන් වාර්තා වන ආකාරය ජී පී ජී පී එස් තාක්ෂණය ඔස්සේ සිතියම්ගත කිරීමෙන් රටේ වැඩිම අවදානමක් ඇති ප්‍රදේශ හා අඩු අවධානමක් ඇති ප්‍රදේශ පහසුවෙන් හඳුනාගත හැකියාව තිබුනත් අමාත්‍යංශය තවමත් එම ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමට අපොහොසත් වී ඇති බව හෙතෙම අවධාරණය කළේය.

Exit mobile version