GMOA දොස්තර නෝනලාට සැමියන් කිහිප දෙනෙක්.. මවුවරු රැසක්… එන්නත්කරණයේදී හෙළිවෙයි!

දියත් කර ඇති එන්නත්කරණ වැඩපිළිවෙළ ව්‍යාකූල කරමින් රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජික වෛද්‍යවරුන්ගේ පවුල්වල සාමාජිකයන්ට පමණක් කොවිෂීල්ඩ් දෙවැනි එන්නත් මාත්‍රාව ලබාදීමේ දී ඇතැම් වෛද්‍යවරුන් තම සමීපතම පවුලේ සාමාජිකයන් ලෙස සැමියන් කිහිප දෙනකු මව්වරුන් කිහිප දෙනකු මෙන්ම නැන්දණියන් කිහිප දෙනකු ඇතුළු කර ඇති බව අනාවරණය වී ඇත.

GMOA දොස්තර එන්නත් ලයිස්තුවෙන් කොටසක්…

මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුකර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ කිසිදු නිල අනුමැතියකින් තොරව බව වාර්තා වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට එන්නත්කරණයේදී මුලින්ම ගෙන්වූ ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත වන කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම සඳහා එන්නත් ලක්ෂ 6ක පමණ හිඟයක් පවතින අතර මෙම දෙවන මාත්‍රාව ලබා ගැනීම මේ වනවිට ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මෙම තත්ත්වය යටතේ මෙම එන්නත් තොගය සමාජයේ බලවත් පාර්ශ්ව වෙත පමණක් ලබා ගැනීමට විවිධ අංශ උත්සාහ කරන අතර දේශපාලන සම්බන්ධතා ඇති එක් පුද්ගලයකු මෙම එන්නත් පෞද්ගලික අංශය වෙත මුදලට ලබා දීමේ කුමන්ත්‍රණයක් පිළිබඳව ද අනාවරණය විය.

මෙම අනාවරණයෙන් පසුව එය දඩමීමා කර ගත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය තම සාමාජිකයන්ගේ පවුල්වල පුද්ගලයන් කිහිප දෙනකුට ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ඉල්ලීම් සිදු කොට ඇති අතර ඒ අනුව එක් සාමාජිකයකුට පවුලේ සාමාජිකයන් පස් දෙනකුට එන්නත් ලබා දීමටත් එම කටයුත්ත බස්නාහිර පළාතේ ස්ථාන 25ක ක්‍රියාත්මක කිරීමටත් නිල නොවන මට්ටමේ තීරණක් ගෙන තිබේ. මෙම ස්ථාන 25ට අමතර ව කොළඹ ජාතික රෝහලේ 320 දරණ වෛද්‍ය නිල නිවාසයේ සහ වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී එන්නත්කරණය සිදුවූ බවට චෝදනා එල්ල වී ඇත.

මෙහිදී ඇතැම් වෛද්‍යවරුන් තම පවුලේ සාමාජිකයන් නම් කිරීමේදී සමාජිකයන් දසදෙනකු නම් කළ අවස්ථාද පවතින අතර ඇතැම් වෛද්‍යවරියන් කිහිප දෙනකු එන්නත් ලබා දීමේ ලේඛනයට මව්වරුන් දෙදෙනකු නැන්දණියන් තිදෙනකු සහ සැමියන් දෙදෙනකු බැගින් නම් කර ඇති බවද හෙළි වී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරී සාමාජිකයන්ට පමණක් මෙම එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් සෙසු සෞඛ්‍ය වෘත්තිය සමිති දැඩි විරෝධයක් පළ කළ අතර මේ සම්බන්ධයෙන් පසුගිය 24 වැනිදා අමාත්‍යංශයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය අමාත්‍යංශ ලේකම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් සහභාගී වූ සාකච්ඡාවක දී ප්‍රකාශ වී ඇත්තේ එලෙස රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සාමාජිකයන්ට පමණක් එන්නත් ලබා දීමට කිසිදු ආකාරයක තීරණයක් ගෙන නොමැති බවය.

මීට අමතරව යුධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල පුද්ගලයන්ටද ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස යුධ හමුදාපතිවරයා විසින් ඉල්ලීමක් කරනු ලැබ ඇත. ඒ සඳහා ද අවශ්‍ය පියවර ගෙන ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.

එන්නත්කරණ වැඩසටහනේදී සෞඛ්‍ය අංශ කොවෂීල්ඩ් එන්නත් දෙවන මාත්‍රාව සඳහා නිසි කළමනාකරණයකින් තොරව ලබා දීමත් අනපෙක්ෂිත ලෙස ඉන්දියාවේ වසංගතය පැතිරීම නිසා එරටින් එන්නත් ලබා ගැනීමට නොහැකි වීමත් හේතුවෙන් මම අර්බුදය නිර්මාන්‍ය වී තිබේ. රජය එන්නත්කරණයේදී ලොක් සෞඛ්‍යය සංවිධාන මඟ පෙන්වීම් මාලාවට පරිබාහිර ආකාරයෙන් කටයුතු කිරීම හේතුවෙන් දැඩි අර්බුද රැසක් මේ වනවිට නිර්මාණය වී ඇත.


Exit mobile version