උඩින් ගිය ඔත්තුකාරයෝ හතර දෙනෙක් අල්ලා දෙති

drone

කැමරා සහිත ඩ්‍රෝන් යානා උපයෝගී කරගනිමින් බස්නාහිර පළාත තුළ ඊයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයන් 27 දෙනකුට දැඩි අවවාද කර තිබේ.

එහිදී නිරෝධායන නීති උල්ලංඝනය කොට, සංචරණ සීමා කඩකළ 4 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වූ මෙය මාලිගාවත්ත, කෙසෙල් වත්ත, ග්‍රෑන්පාස් ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වූ බවයි.


විශේෂ කාර්ය බළකාය සහ ප්‍රාදේශීය පොලිස් ස්ථාන මෙම මෙහෙයුමට සහභාගි වී තිබේ.

කොළඹ මධ්‍යම, කොළඹ උතුර ප්‍රදේශ කිහිපයක වතු ආශ්‍රිතව සහ මහල් නිවාස ආශ්‍රිතව ජනතාව එක්රැස්වීම් සිදුවන බවට සහ නිරෝධායන නීතීන්වලට අනුගත නොවී කටයුතු කරන බවට තොරතුරු ලැබී තිබීම නිසා drone යානා උපයෝගී කරගනිමින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඩ්‍රෝන් මෙහෙයුම අද දිනයේත් කොළඹ නගරය ආශ්‍රිතව ක්‍රියාත්මකයි.

Exit mobile version