DIGලා සිව්දෙනකුට මාරුවීම්

police

නියෝජ්‍ය පොලිස්පතිවරු සිව් දෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කිරීමට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කර තිබේ.

ඒ අනුව යාපනය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එම්.සේනාරත්න මහතා සුබසාධන දිසාවටත්, අම්පාර දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති ඒ. කරුණාරත්න මහතා බස්නාහිර පළාත් අපරාධ මර්දන දිසාව භාරවත් මාරු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම විශ්‍රාමික ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ ආරක්ෂක අංශ ප්‍රධානියව සිටි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතා අම්පාර දිසාව භාරවත්, පොලිස් මූලස්ථානයේ සේවයේ නිරතව සිටි වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති පී. ලියනගේ මහතා යාපනය නියෝජ්‍ය පොලිස්පති ලෙසත් පත්කර ඇත.


Exit mobile version