CID ය පොලිස්පතිගෙන් පැය 05ක් පුරා ප්‍රකාශය සටහන් කරගනී…

DC-Wicramarathna

පුරා පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු    පොලිස්පති ඩී.සී වික්‍රමරත්න  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටවී ගොස් තිබේ.

පසුගිය 09  වෙනිදා ගෝල්ෆේස් සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ කරුවන්ට පහදීමේ අපරාධය වළක්වා නොගැනීම සම්බන්ධව පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී තිබිණි.

මේ සම්බන්ධව අමාත්‍ය රමේෂ් පතිරණ, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක ඍජුවම පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාට එරෙහිව චෝදනා කළේය.

බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මානව හිමිකම් කොමිසමට ලබා දුන් කටඋත්තරය සහ ඔහු ජනාධිපතිවරයාට ලබා දුන් ප්‍රකාශ සමග මෙම චෝදනාව පොලිස්පතිවරයා වෙත ඍජුවම එල්ල විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සම්බන්ධව අද පොලිස්පතිවරයාගෙන්, පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිලධාරීවරයාගෙන් හා පොලිස් විශේෂ කාර්ය බලකාය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන්,  අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කරගත්තේය.

Exit mobile version