BOI සභාපති ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති ධුරයෙන් සුසන්ත රත්නායක මහතා ඊයේ (30) ඉල්ලා අස්විය.

“මම අද(30) සිට බලපැවැත්වෙන පරිදි ඉල්ලා අස්වුණා. මම මෙම තනතුර භාර ගත්තේ මා එය වසරක් පමණක් දරනු ඇතැයි යන අවබෝධය මත ය. එම නිසා කාලය අවසන් බව මම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා සිටියා.” යැයි ඔහු පවසා ඇත.

වසර 30 කට වැඩි කළමනාකරණ පළපුරුද්දක් ඇති රත්නායක මහතා 2019 දෙසැම්බර් මැද භාගයේදී ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරන ලදී.


ඔහු 2006 ජනවාරි සිට 2018 දෙසැම්බර් දක්වා ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් පීඑල්සී හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස සේවය කර ඇති අතර 1992/93 සිට ජේකේඑච් මණ්ඩලයේ සේවය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආයෝජන මණ්ඩලයේ සේවය කිරීමට පෙර රත්නායක මහතා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ව්‍යාපාරික ආයතනයක් වන වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකාවේ හාම්පුතුන්ගේ සම්මේලනය සහ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ලෙස සේවය කළේය.

Exit mobile version