සම්පන්දන් වෙනුවට නව ක්‍රියාකාරී නායකයෙක් සමග ටී.එන්.ඒ මැතිවරණයට…

සම්පන්දන්ගේ තනතුර වෙනස් නොකර තනතුර සමගම පසෙකින් තබයි

දිනසේන රතුගමගේ – 

දෙමළ ජාතික සන්ධනයේ මැතිවරණ කටයුතු පවත්වා ගෙන යාම සඳහා නව නායකයෙකු පත් කිරීම කෙරෙහි  පක්ෂයේ අවධානය යොමු වී තිබේ.

පසුගියදා යාපනයේ පැවති දෙමළ ජාතික සන්ධානයේ සාකච්ඡාවකදී මේ කරුණ සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති අතර ඔවුන් එහිදී සාකච්ඡා කොට ඇත්තේ උතුරු නැගෙනහිර දෙපළාතේම ජනතාව පිළිගන්නාවූත් ක්‍රියාකාරී ලෙස පක්ෂයේ කටයුතු වලට මැදිහත් විය හැකි අයෙකු තෝරා එම නායකත්වයට පත් කළ යුතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැනට දෙමළ ජාතික සන්ධානයේ නායකයා වශයෙන් කටයුතු කරණ ආර්.සම්බන්ධන්ගේ තනතුරට කිසිදු හානියක් නොවන අන්දමට නව ක්‍රියාකාරී නායකයා පත් කර ගැනීමට තීරණය කොට ඇති අතර සම්බන්ධන්ද  ඒ සම්පන්දන් පෞද්ගලික රූපවාහිනියකට සිය අදහස් දක්වා තිබේ.


Exit mobile version