බොරැල්ල තැපැල් ස්ථානාධිපතිට කොවිඩ්… තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දමයි..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බොරැල්ල තැපැල් කාර්යාලයේ තැපැල් ස්ථානාධිපතිවරයාට සහ තවත් සේවකයින් තිදෙනෙකුට කොවිඩ් වෛරයස ආසාදනය වීම නිසා බොරැල්ල තැපැල් කාර්යාලය තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න පැවසුවේය.

මෙහිදී අදහස් දැක්වූ තැපැල්පතිවරයා කීවේ දුම්රිය හා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ නිසි කාලසටහනට අනුව ධාවනය නොවන බැවින් ලිපි හා පාර්සල් බෙදා හැරීම ප්‍රමාදයක් පවතින බවය.

මේ තත්වය මත දෙපාර්තමේන්තුව තමන්ගේම වාහන යොදාගෙන බෙදා හැරීම සිදු කරන බවත් ඔහු කීවේය.

ලිපි බෙදා හැරීම වැඩිපුරම ප්‍රමාද වන්නේ කොළඹ සහ කොළඹ නාගරික ප්‍රදේශවල බව ඔහු පැවසුවේය.

Exit mobile version