පකිස්ථානුවෝ ලකුණු 120කට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ගොදුරු වෙති…

වනිඳු

ශ්‍රි ලංකා පිල තවත් විශිෂ්ට ප්‍රවේශයකය. ප්‍රබල පකිස්තානු කණ්ඩායම පන්දු ඕවර 19.1 තුළ ලකුණු 120කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. 

ලකුණු 121ක ජයග්‍රාහී ඉලක්කයක් ඔවුන්ට හිමි වී තිබේ.

වනිඳු හසරංග යළිත් ආකර්ශනීය පන්දු යැවීමකය .ඔහු පන්දු ඕවර හතර තුළ   ලකුණු 21කට කඩුළු 03ක් දවා ගත්තේය. ඔහුගේ අවසන් පන්දු ඕවරයේ අවසන් පන්දු දෙක තුළ කඩුළු දෙකක් ලබා ගැනීමට වනිඳුට හැකි විය.

මහීෂ් තීක්ෂණ පන්දු ඕවර 04 තුළ ලකුණු 21කට කඩුළු 02ක් බිඳ හෙළුවේය. ධනංජය සිල්වා තවත් විශිෂ්ට පන්දු යැවීමකය.ඔහු පන්දු ඕවර 04 තුළ ලබා දුන්නේ ලකුණු 18ක් පමණි. කඩුල්ලක් දවා ගත්තේය.


චාමික කරුණාරත්න එක් පන්දු ඕවරයක් පමණක් යවමින් ලකුණු 04කට කඩුල්ලක්  ලැබීය. නවක වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් පන්දු ඕවර 2.1 යවා ලකුණු 21ට කඩුලු 02ක් ලැබීය.

පකිස්තානු කණ්ඩායමේ නායක බබාර් අසාම් මේ තරගයේ ලකුණු අතරට පැමිණියේය. ඔහු පන්දු 29ක දී ලකුණු 30ක් ලැබුවේය.  මොහොමඩ් නවාස් පන්දු 18ක දී ලකුණු 26ක් ලබා සිටියදී දුවද්දී දැවී යෑමට හසුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 120ක ඉලක්කයක් හිමි වී තිබේ. බැලූ බැල්මට පහසු බව පෙනුනද පකිස්ථානු පන්දු යැවීමේ බල ප්‍රතිඵල වෙනස් කිරීමට සමත් දක්ෂතාවලින් යුතුව සිටී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාජිතව තරග වදින ශ්‍රී ලංකා පිතිකරුවන් පිටියට පිවිසෙන්නේ දැඩි ආත්ම විශ්වාසයක් සහිතවය.

Exit mobile version