පොලිසියත් එක්ක එක් වී හෙට සිට QR කේත ක්‍රමයට තෙල් දෙන හැටි ඇමති කියයි!

Kanchana-W

වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම මත ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය අදින් අවසන් කරන බවත් හෙට සිට ඉන්ධන නිකුත් කිරීම සිදුවන්නේ QR කේත ක්‍රමයට පමණක් බවත් බලශක්ති ඇමති කාංචන විජේසේකර සඳහන් කරයි.

ඉන්ධන බෙදා හැරීමේ ප්‍රමුඛතාවය ලබා දෙන්නෙත්  QR කේත ක්‍රමයට අනුගත වී සිටින ඉන්ධන පිරවුම්හල් වෙත පමණක් බවත්,   අදාල ක්‍රමවේදයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීමට උත්සාහ කරන පුද්ගලයින් සම්බන්දව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇමතිවරයා දන්වා සිටී.

QR කේත ක්‍රමයට ඉන්ධන ලබා දීම සඳහා දියත්වී ඇති ක්‍රියාවලික ක්‍රමවත් කිරීම සඳහා සෑම ඉන්ධන හලකම විශේෂ පොලිස් රාජකාරියක් ක්‍රියාත්මක වන බව ද ඇමතිවරයා දන්වයි.

මේ වනවිට ලංකාවේ ඇති සිපෙටිකෝ ඉන්ධන පිරවුම්හල්  1190න්  902ක් සහ අයි.ඕසී. ඉන්ධන පිරවුම්හල් 210න් 158ක් QR කේත ක්‍රමයට අනුගත වී තිබේ.


එමෙන්ම ඊයේ ඉන්ධනහල් 746ක් QR කේත ක්‍රමයට අනුව ඉන්ධන නිකුත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රථ වාහන 47,096,028ක් ඉන්ධන අවසර පත්‍ර සඳහා ලියාපදිංචි වී තිබෙ.

Exit mobile version