ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 50ක සංවර්ධන ආධාර….

හදිසි ආහාර සහ සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනිම සඳහා ශ්‍රී ලංකාවට දක්වන සහයෝගයක් ලෙස ඩොලර් මිලියන 50ක නිල සංවර්ධන ආධාර ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත.

මෙම දායකත්වය ශ්‍රී ලංකාව සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන වෙත මෑතකදී ලබා දුන් ඩොලර් මිලියන 5 ට අමතරව  බවත්  මහකොමසාරිස් කාර්යාල දන්වා සිටී.

වසර හැත්තෑවකට පසු ශ්‍රී ලංකාව   දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දී සිටින අතර බවත්  මේ වනවිට  ආහාර, ඖෂධ සහ ඉන්ධන හිඟයකට මුහුණ දී ඇති ආකාරයත්  ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලය නිරීක්ෂණය කර ඇත .

ශ්‍රී ලංකාවේ මිලියන තුනක ජනතාවට ඔවුන්ගේ දෛනික පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා හදිසි ආහාර ආධාර සඳහා ලෝක ආහාර වැඩසටහනට  වහාම ඩොලර් මිලියන 22 ක් ලබා  දෙන බවත්,  2022-23 වසර තුළ ශ්‍රී ලංකාවට සංවර්ධන ආධාර වශයෙන් ඩොලර් මිලියන 23ක් ද ලබා දෙන බවත් මහකොමසාරිස් කාර්යාලය දන්වා සිටී.


ඔස්ට්‍රේලියාව පෙන්වා දෙන්නේ   මෙම අර්බුදය දිගටම පැවතුනහොත් එහි ප්‍රතිවිපාක  කලාපයටම  අත්වනු ඇති  බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version