දින 50යි…. ගෝඨාට ගෙදර යන්නම කියමින් අරලයේ පා ගමන ඇරඹෙයි…

ගාලුමුවදොර  ජන අරගලයට දින 50ක් පිරීම නිමිත කරගෙන සංවිධානයවූ දැවැන්ත විරෝධතා පා ගමන මේ වනවිට ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ වී ඇත.

මෙම පාගමන  අද සවස 2.30ට පමණ ආරම්භ වූයේය. ගෝඨාභය ගෙදර යනු, ගෝඨාරකින කුමන්ත්‍රණ නවත්වනු යන තේමාව ඔස්සේ විරෝධතා පුවරු දරාගෙන ඔවුහු ගාලුමුවදොර පිටිය පසුකර  ගාලුමුවදොර වටරවුම දෙසට ගමන් කරති.

මෙම විරෝධතාවය සඳහා වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, බහු ජන ව්‍යාපාර, කලා කරුවන්, සිවිල් සංවිධාන රාශියක් එක් වී සිටිති.

අද පැවැත්වෙන විරෝධතා  පාගමනට එරෙහිව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. මේ  පාගමන ගෝල්ෆේස් පිටිය වටේට සීමා කරමින් පොලිසිය ලබා ගත් අධිකරණ නියෝගය ය. පොලිස් මූලස්ථානයේ ආරක්ෂාව තර කර ඇත. ලැබුණු බුද්ධි තොරතුරක් මත එම තීරණය ගෙන තිබේ.


ගෝඨාගෝගම සහ මයිනාගෝගමට ආණ්ඩුවෙන් එල්ල වූ මැර ප්‍රහාරයත්, ඒ සමගම රට පුරා ඇතිවූ බිහිසුණු ප්‍රචන්ඩත්වයත්, අනතුරුව දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවූ සිලල්ර වෙනකම් කීහිපයත් සමග පොදු ජන සමාජය යම් තිගැස්මකට පත් වී සිටියත් මීට දින පනහකට පෙර මෙම අරගලයට පදනම දැමූ තරුණ පිරිස් තවමත් එය ශක්තිමත් කරමින් සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ එම අවස්ථා සිරස රූපවාහිනියේ නිවුස් ෆස්ට් එම ජන උද්ඝෝෂණය සජීවීව වාර්තා කරන අයුරුය.

Exit mobile version