හැසිරෙන්නේ මෙහෙම නම් දැඩි ජනතා ප්‍රතික්‍රියා බලාපොරොත්තු වන්න… නා හිමිවරු 225ටම කියති!

ජනහිතකාමී දේශපාලන රටාවක් වෙනුවට ජනතා බදු මුදලින් වරප්‍රසාද භුක්ති විඳිමින්  ආත්ම සුඛ විහරණය සඳහා  පමණක්  යොමුවී ඔබ සැම දෙනා කටයුතු කරන්නේ නම් ඉදිරියේ දී ජනතාවගේ දැඩි ප්‍රතික්‍රියාවන්ට මුහුණ දීමට සිදුවනු ඇතැයි  දන්වා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්  ජනාධිපති අගමැති ඇතුළු පාර්ලිමේන්තුවේ සිටිනා සියලුම මන්ත්‍රීවරුන් වෙත ලිඛිතව  දන්වා තිබේ.

උන්වහන්සේලා මෙම ලිපිය ලියා දන්වන්නේ රට මේ තරම් බිහිසුණු අගාධයකට වැටී ඇති අවස්ථාවක පටු පක්ෂ දේශපාලන න්‍යාය පත්‍ර මත  පාර්ලිමේන්තුව තුළ හැසිරෙන ජනතා නියෝජිතයන් 225 දෙනාම  සදාචාරයෙන් තොර පිරිසක් බවය.

මින් පෙර එනම්  අප්‍රේල් 04 සහ 20 දාතමින් යුතුව  මහා නායක හිමිවරුන් දැක්වූ යෝජනා මාලාව ක්‍රියාත්මක කරමින් දේශපාලන පක්ෂ ඒකාබද්ධ වී  වියතුන්ගෙන් සුසැදි සර්ව පාක්ෂික පොදු අන්තර්කාලීන පාලනයක් ගොඩනැගීමට උත්සුක වන ලෙස උන්වහන්සේලා අවසාන වශයෙන් දන්වා සිටිති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම ලිපිය මෙසේය.


Exit mobile version