වහාම ආණ්ඩුවෙන් ඉවත්වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂය තීරීණය කර තිබේ.
ආණ්ඩුව නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු බහුතරයකගේ යෝජනාව අනුව මෙම තීරණය ගෙන ඇත.
මෙම යෝජනාවන සම්බන්ධව තවදුරටත් සාකච්ඡා කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් මේ වනවිට විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබේ.
පසුගිය දා ශ්රී.ල.නි.පය හා ජනපතිවරයා අතර පැවති සාකච්ඡාවේ දී වහාම අන්තර්වාර පාලනයක් ස්ථාපිත කරන ලෙස ශ්රී.ල.නි.ප.ය. ඉල්ලා සිටි අතර එය ලිඛිතව ද දැනුම් දී තිබිණි.
එම ලිපියට අනුව දින පහක් තුළ අන්තර්වාර පාලනයක් ඇති කරන බවට ජනාධිපතිවරයා විසින් තීරණයක් නොගතහොත් වහාම ආණ්ඩුවෙන් ඉවත් වන බවට ශ්රී ලංකා නිදහස් පක්ෂය පසුගිය සතියේ තීරණය කරනු ලැබීය. එම තීරණය ජනපතාවරයා වෙත ද දන්වා තිබිණි.
කෙසේ වෙතත් අද සවස හය වනතුරු අන්තර්වාර පාලනයක් ඇති කරන බවට ශ්රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දීමක් සිදුකර නැති බව එම පක්ෂයේ මන්ත්රීවරයෙක් ලංකාසරට පැවසීය.
මෙම තත්වය සහ තම පක්ෂයේ මන්ත්රීවරුන් බහුතරයකගේ යෝජනාව අනුව තම පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව ඉහත ප්රකාශකයා වැඩිදුරටත් කීවේය.