දින 05ක් තිස්සේ කටුනායක ඇති – ආ ගිය අයෙක් දන්නෙ නැති, සුඛොපභෝගී ජෙට් යානා දෙක….

පසුගිය දා කටුනායක ගුවන් තොටුපළට ළඟා වූ පෞද්ගලික ජෙට් යානා දෙකක් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු වී ඇති ආකාරය වාර්තා වේ.

සිරස නිවුස් ෆස්ට් වාර්තා කර ඇති ආකාරයට මෙම පුද්ගලික ජෙට් යානා දෙකේ පැමිණි පුද්ගලයින් පිළිබඳ වාර්තා කටුනායක ගුවන්තොටුපලට ලැබී නැත. එසේ තිබුණත් එම තොරතුරුවල පුද්ගලිකත්වය ආරක්ෂා කිරීමට ගුවන්තොටුපල බැඳී ඇති බව ද එහි බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

මෙසේ පැමිණි එක් ගුවන් යානයක් M-ERCI ක්ය.


M-ERCI පුද්ගලික ජෙට් යානය දෙසැම්බර් 27 වන දින සූරිච් සිට මාලදිවයිනට ළඟා වී ඇති අතර දෙසැම්බර් 28 වන දින ශ්‍රී ලංකාවට පියාසර කර ඇත.

දින පහකට වැඩි කාලයක් මෙම පෞද්ගලික ජෙට් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ  රඳවා තබා ඇතැයි ජාත්‍යාන්තර චන්ද්‍රිකා දත්ත සටහන් වාර්තා කරයි.

MERCI Limited එම පුද්ගලික ජෙට් යානයේ හිමිකරු ලෙස ලැයිස්තුගත කර තිබේ.  එහි ලිපිනය ලෙස අයිල් ඔෆ් මෑන් නැමැති කුඩා දිවයින දක්වා ඇත. අයිල් ඔෆ් මෑන් යනු එංගලන්තය සහ අයර්ලන්තය අතර ඇති බ්‍රිතාන්‍ය පාලනයේ පවතින කුඩා දූපතදි.

වාර්තාවලට අනුව, මෙම පුද්ගලික ජෙට් යානය ලියාපදිංචි කර නොමැත.

අනෙක් ජෙට් යානය G-GSVI නම් වේ.

G-GSVI යනු නවීන පහසුකම් රැසකින් සමන්විත   ජෙට් යානයක් වන අතර මෙම ජෙට් යානය එක්සත් රාජධානියේ බ්‍රිස්ටල් සිට ශ්‍රී ලංකාවට ඍජුවම  පැමිණියේ දෙසැම්බර් 28 වැනිදාය.

කුලී පදනම මත ලබා ගතහැකි යානාවක්වන මෙම ජෙට් යානය දැනට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ඇති අතර එය එක්සත් රාජධානියේ ඉහළම ප්‍රකෝටිපතියෙකුට අයත් වේ.

මෙහි වත්මන් හිමිකාරිත්වය Executive Jet Charter Ltd නැමැති එක්සත් රාජධානියේ සමාගමක් සතුය.

මෙම පෞද්ගලික ජෙට් යානා දෙක සම්බන්ධයෙන් සිරස නිවුස් සේවාව කළ විමසීමකදී කටුනායක ගුවන් තොටුපළේ කාර්යභාර කළමණාකාරවරයා කියා සිටියේ එම යානාවල පැමිණි පුද්ගලයින්ගේ තොරතුරු   තමන් සන්තකයේ නොමැති බවය.  කෙසේ වෙතත් මගීන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තමන් වගකීම බවත් කාර්ය භාර කළමනාකරුවා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිද්ධිය සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති සේවය වාර්තා කරන්නේ මෙසේය.

Exit mobile version