ශ්‍රී ලංකා බංගලාදේශ තරගය අද සවස 3.30ට

පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි   වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීවන පළමු තරගය තව ටික වෙලාවකින්, එනම් ලංකාවේ වෙලවෙන් සවස 3.30ට  පමණ සාජා හි දී ආරම්භ වේ.

මෙම තරගය පැවැත්වෙන්නෙ ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතරය.  ආබාධයට ලක් වී සිටින මහේෂ් තීක්ෂණ මෙම තරගයට සහභාගී නොවන බව වාර්තා වේ.

මහේෂ් තීක්ෂණ වෙනුවට තෙරීම් කමිටුවේ නොමද ප්‍රසාදයට ලක් වී සිටින අකිල ධනංජය තරග කිරීමට සූදානමින් පසුවන බව වාර්තා වේ.


කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ පළමු වටයේ සියලුම තරග ජයග්‍රහණය කළ තමන් මේ තරගයට ප්‍රවේශ වන්නේ ඉතාම සැලසුම් සහගතව සහ ආත්ම විශ්වාසයකින් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලෝක කුසලාන තරගාවලියේ තවත් අවධානයට ලක් වුණු තරගයක් වූ ඉන්දීය පකිස්ථාන් තරගය අද පස්වරු 7.30ට ඩුබායි හි දී පැවැත්වීටම නියමිතව ඇත.

Exit mobile version