ලංකා IOC අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දමයි…

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට ලංකා IOC සමගම තීරණය කර තිබේ.

ඒ අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදිය.

අවස්ථා ගණනක දී ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා IOC සමාගම ඉල්ලා සිටියත් බලශක්ති ඇමති කීවේ ඉන්ධන මාල ඉහළ දැමීමට හදිසියේ තීරණය නොකරන බවය.


කෙසේ වෙතත් අද දවස පුරා ඉන්ධනහල් අසල  විශාල පෝලිම් තිබිණි. බොහෝ ඉන්ධනහල් ඉන්ධන නැති බව අද හවස් භාගයේ පාරිභෝගිකයන්ට පැවසුවේය.

ඇමති උදය ගම්මන්පිල රටේ කිසිම තෙල් හිඟයක් නැති බව කියා ෂෙඩ්වල පොරකන්නට එපා යැයි මිනිස්සුන්ට කීවේ මෙසේය.

“එකම දේ 108 වතාවක් කිව්වහම ඒක අත්තක් වෙනවා යැයි කියලා පරණ ගැමි විශ්වාසයක් තිබෙනවා. ඒ නිසාද මන්ද පසුගිය මාස 4 පුරාවට වරින් වර ඛනිජ තෙල් වෘත්තීය සමිතිත් ඒ වගේම විපක්ෂයේ දේශපාලකයිනුත් තෙල් හිඟයක් ඇතිවෙන බවට පදනම් විරහිත ප්‍රකාශ කරනවා. පසුගිය මාස 4ටම මේ අය කිවූ තෙල් හිඟය ඇතිවුණේ නෑ. මම පොරොන්දු වුණා රටේ තෙල් හිඟයක් ඇතිවෙනවා නම් මම කලින් කියනවා කියලා. ඒ වගේම සැප්තැම්බර් මාසේ 29 වනදා මම රටට කිව්වා බොරතෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා හැබැයි ඒක නැති කරගන්න අපි කටයුතු කරමින් යනවා එය පෙට්‍රල් ඩීසල් සහ භූමිතෙල් වලට බලපාන්නේ නෑ කියලා. නැවත වතාවක් කියන්න තියෙන්නේ රටේ කිසිම තෙල් හිඟයක් නෑ. බොරුවට කලබල වෙන්න එපා,”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනිසුන් පොරකා ඇත්තේ තෙල් හිඟයක් නිසා නොව, ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳ වූ ආරංචියට බව දැන් වාර්තා වන්නේය.

Exit mobile version