ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ පරිගණක ඉංජිනේරුවා යළි රිමාන්ඩ්…

-Delete -Data

නිමන්ති රණසිංහ

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැම්මැයි රක්ෂිත බන්ධනාගාර ගත කර  සිටි එපික් ලංකා ටෙක්නොලොජීස්’ ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවරයා ලබන  25 වැනිදා තෙක්  තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේෂ් බුද්ධික ශ්‍රී  රාගල   අද  (18) නියෝග කළේය .

මෙම සිද්ධියට අදාළ  මහේස්ත්‍රාත් පරීක්ෂණය අද   අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

මෙම සැකකරුගෙන් තවදුරටත් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍යව තිබෙන බැවින් ලබන 21 වනදා සිට 23 වන දා අතර කාලසීමාව තුළ බන්ධනාගාරය තුළ දී එම ප්‍රකාශය සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අවසර දෙන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි පැමිණිල්ල මෙහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළේය .


එම ඉල්ලීම පිළිගත් මහෙස්ත්‍රාත්වරයා අදාළ උපකරණ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර වාර්තාවක් කැඳවීමට ද නියෝග කළේය.

ඒ අනුව අදාළ ප්‍රකාශ සටහන් කර ගැනීමට ඉඩ දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර බලධාරීන්ට නියෝගයක් ද නිකුත් කළේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස්  අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ඇප මත මුදා හරින්නැයි ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ලිඛිතව ලබන 25 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විත්ති පාර්ශවයට දැනුම් දුන්නේය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version