5000 දීමනා ඇතුළු ජනතාවට දෙන සහන පැකේජ මල්ල බැසිල් ප්‍රකාශයට පත්කරයි

රාජ්‍ය සේවකයින්ට,විශ්‍රාමිකයින්ට, ආබාධිත සෙබළුන්ට රුපියල් 5000ක අතිරේක දීමනාවක් ජනවාරියේ සිට ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

ඒ අනුව විශ්‍රාමිකයින් ලෙස සිටින 666,480ක් දෙනාට ද රුපියල් 5000ක් මාසිකව අතිරේක දීමනාවල් ලෙසින් ලබාදීමට ද තීරණය කර තිබේ.


සමෘද්ධි ලාභීන්ගේ 3500 මාසික දීමනාව ජනවාරි මාසයේ සිට අතිරේකව රුපියල් 1000ක දීමනාවක් ලබාදීමට ද තීරණය කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ වී කිලෝවක් සඳහා ගොවියන්ට රුපියල් 75ක ලබාදීමට ද තීරණය කර ඇති බවය.

මේ අතර පර්චර්ස් 20ට ගෙවතු වගාවේ නියැලෙන ගොවියන්ට රුපියල් 5000ක දීමනාවක් ලබා දීමට තීරණය කර ඇත.

එසේම අක්කරයට අඩු පර්චර්ස් 20ට වැඩි ගෙවතු සඳහා රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට තීරණය කර තිබේ.

මෙම දෙපාර්ශවයටම මාස 6කට පසු නැවතත් එම මුදලම ලබාදීමටත් රජය තීරණය කර තිබේ.

වතු කම්කරු ජනතාව වෙනුවෙන් එක් පවුලකට තිරිඟු පිටි කිලෝ 15ක් මාසයක් සඳහා කිලෝවක් රුපියල් 80 බැගින් වූ මිලකට ලබාදීමටද තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලු අත්‍යවශ්‍ය ආහාර සහ බෙහෙත් ද්‍රව්‍යව සම්පූර්ණ බදුවලින් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බවද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

Exit mobile version