5 හපනුන්ට ETF වෙතින් මිලියන 90ක්

2019 වසරේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වූ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයන්ගේ දූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා ලබාදෙන රුපියල් මිලියන 90ක් (රු.89,895,000) වටිනා චෙක්පත අද(13) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමිණි.

සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න මහතා විසින් අග්‍රාමාත්‍යවරයාට මෙම චෙක්පත භාරදෙන ලදී.

2019 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දූ දරුවන් 5993 දෙනෙකු වෙනුවෙන් පළමු අදියර යටතේ ශිෂ්‍යත්ව ප්‍රදානය සඳහා මෙම මුදල් මහජන බැංකුවට යොමුවනු ඇත.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 1994 වසරේ කම්කරු අමාත්‍යවරයාව සිටියදී රටේ කම්කරු ජනතාව වෙනුවෙන් කරන උපහාරයක් සහ දැයේ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමේ අරමුණ ඇතිව සේවා නියුක්තයන්ගේ සමාජික දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආරම්භ කළේය.

ඒ අනුව 1994 සිට අඛණ්ඩව ක්‍රියාත්මක මෙම වැඩසටහනට අදාළව සෑම වසරකම පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්වන සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ සාමාජිකයින්ගේ දූ දරුවන් 9000ක් සඳහා එක් අයෙකුට රුපියල් 15000 ක් වටිනා ශිෂ්‍යත්වයක් ප්‍රදානය කෙරේ.

මහජන බැංකුව ශිෂ්‍යත්ව ලාභී දරුවන් වෙනුවෙන් අදාළ මුදල් සිසු උදාන ගිණුමක තැන්පත් කරයි. ශිෂ්‍යත්වලාභි දරුවන්ගේ ගිණුම් විවෘත කරන අවස්ථාවේදී මහජන බැංකුව මලලසේකර සිංහල ඉංග්‍රිසි ශබ්දකෝෂයක් තිළිණ කරන අතර සමාන්‍ය පොලී අනුපාතයට වැඩි ප්‍රතිශයක්ද එම ගිණුම් සඳහා ලබාදෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අවස්ථාවට සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සභාපති ශ්‍රියාන් ද සිල්වා විජයරත්න, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහත්වරු ඇතුළු සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ හා මහජන බැංකුවේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

Exit mobile version