අද කොවිඩ් මරණ 175යි…

තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 175ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළේය.

ඊයේ (08) දින තහවුරු කර ඇති එම මරණ 175ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864ක් දක්වා ඉහළගොස් ගියේය.

කාන්තාවන් 79 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 96 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය. වයස අවුරුදු 60 වැඩි 139ක් ඒ අතර වූහ.


අවුරුදු 30ට අඩු එක් මරණයක් ද වාර්තා වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

 

Exit mobile version