ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් සිර මැදිරිය තුළ සියදිවි නසා ගනී…

suicide

ලලිත් චාමින්ද-

ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවකු ඊයේ (21) රාත්‍රි සිරමැදිරිය තුළදි ගෙල වැළලාගෙන මියගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි.

මෙකි සිරදඩුවම් විදින සිරකරු 50 හැවිරිදිවියේ පසුවන මැටිවල තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මොහු බන්ධනාගාරයේ වෙනම සිරමැදිරියක රඳවා සිට ඇති අතර ඔහු සරම් පටකින් සිරමැදිරිය තුලදි ගෙළ වැළලාගෙන මියගොස් ඇති බැව් බන්ධනාගාරය පවසයි.


බන්ධනාගාර නිලධාරින් විසින් මොහුගේ ගෙලෙහි හිරවි තිබු සරම්පටිය ඉවත්කොට මොහු කරාපිටිය රෝහලට රැගෙන යාමට කටයුතු කළද ඒ වනවිටත් මොහු මිය ගොස් සිටි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මංකොල්ලකැම්, සොරකම හා මත්ද්‍රව්‍ය ඇතුළුචෝදනා සම්බන්දයෙන් මොහු සිරදඩුවම් විදිමින් සිට ඇත. මෙම සිරකරුගේ සිරදඩුවම 2030 07.15 වැනි දින දක්වා නියමවි තිබුණි.

Exit mobile version