ඊයේ දිනය තුළ පමණක් කොවිඩ් මරණ 57ක්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව නිල වශයෙන් අද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ ඊයේ දිනයට අදාලවය. ඊයේ දිනයේ පමණක් වාර්තා කරන මරණ සංඛ්‍යාව 57කි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල්වරයා ඒ සමගම මෙතෙක් කරගෙන ගිය ආකාරයට ප්‍රමාද මරණ වාර්තා කිරීම නවත්වා තිබේ.

ඒ අනුව මරණ වාර්තා නොවූ බව කී පසුගිය සතිය පුරාම සිදුවූ මරණ පමණක් නොව, සති ගණන් අතීතයට යමින් වාර්තා කළ ප්‍රමාද මරණ විශාල ප්‍රමාණයක් නිල වශයෙන් වාර්තා කිරීම නැවතී ඇත.

කෙසේ වෙතත් මේ වනවිට රජය නිල වශයෙන් ලංකාව තුළ සිදු වූ මරණ ප්‍රමාණයත් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වාර්තාවට ඇතුළත් කර නැත. ලංකාව තුළ නිල වශයෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 2203කි.

මේ පිළිබඳ රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

Exit mobile version