ඇඟලුම් කම්හල විවෘත කිරීමට විරෝධය… ගම්මු සේවක බස් රථය හරස් කර පහර දෙති…

Mulathiw-Bus

දිනසේන රතුගමගේ –

මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ ඇගලුම් කම්හලක් යළි විවෘත කිරීම සදහා සේවක සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථ වලට ප්‍රදේශවාසීන් විසින් විරෝධය පල කොට මග හරස් කරමින් බස් රථ වලට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුදුකුඩීඉරිප්පු පොලීසිය ගම්වැසියන්ගෙන් තුන් දෙනෙකු 9 දා අත් අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ඔවුන් තුන් දෙනා අත් අඩංගුවට ගෙන ඇත්තේ මෙම විරෝධතාවය මෙහෙයැවීම හා බස් රථ වලට ගල්මුල් වලින් පහර දීම යන කාරණා නිසාය.

අත් අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
මුලතිව් පුදුකුඩීඉරිප්පු ප්‍රදේශයේ පිහිටි මෙම ඇගලුම් කම්හල නිසා පළාතේ කොරෝනා රෝගින් සංඛ්‍යාව දින තුනක් ඇතුළතදී 600 ක් දක්වා වර්ධනය වූ නිසා තාවකාලිකව වසා දමා තිබූ එම ඇගලුම් කම්හල යළි විවෘත කිරීමට පියවර ගත් අවස්ථාවේදී මේ විරෝධතාවය හට ගෙන තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ඇගලුම් කම්හල තවදුරටත් තාවකාලිකව වසා දමන ලෙස ඉල්ලා මුලතිව් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇති අතර පොලීසියටද පැමිණිලි කොට ඇත.

Exit mobile version