විරැකියාව ඉහළ ගිහින්… මහ බැංකුව කියයි…

Unemployment

ලලිත්  චාමින්ද –

මෙරට සේවා වියුක්ති අනුපාතය 2020 වර්ෂයේ දි සියයට 5.5 දක්වා ඉහල ගොස් ඇති බැව් ශ්‍රි ලංකා මහබැංකුව විසින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

2019 වර්ෂයේ සේවා වියුක්ති අනුපාතිකය සියයට 4.8ක් වු අතර 2020 වර්ෂයේ දි සේවා වියුක්ති අනුපාතය සියයට 5.5 දක්වා ඉහල ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම 2020 වර්ෂයේ දි ඌණ සේවා නියුක්තිය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබු අතර වැඩකරන ලද මුළු පැය ගණන සැලකිය යුතු ලෙස අඩුවි ඇත. ශ්‍රම බලකායේ ඵලදායි ධාරිතාවය නිසි ලෙස උපයෝගි කර නොගැනිම මේ සඳහා හේතුවි ඇති බවද මහ බැංකුවර්තාවේ සදහන් වේ.

එමෙන්ම 2020 වර්ෂයේ දි ස්ත්‍රි, තරුණ හා ඉහළ අධ්‍යාපන සුදුසුකම්ලත් කාණ්ඩවල සේවා වියුක්ති අනුපාතිකය සැලකිය යුතු ලෙස වර්ධනය වි ඇත. 2019 වර්ෂයේ දි සියයට 7.4ක් වු ස්ත්‍රි සේවා වියුක්ති අනුපාතය 2020 වර්ෂයේ දි සියයට 8.4 දක්වා වර්ධනය වි ඇත. පුරුෂ සේවා වියුක්ත අනුපාතය 2019 වර්ෂයේ වාර්තා වු සියයට 3.3 සිට 2020 වර්ෂයේ දි සියයට 4.0ක් දක්වා වර්ධනය වි ඇති බවද මහබැංකු වාර්තාවේ සඳහන් වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සඳහා කොවිඩ් වසංගතයේ අහිතකර බලපෑම මුලික වශයෙන් හේතු වි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ.

 

Exit mobile version