අද මරණ 20යි… ලංකාවේ මුළු මරණ ගණන 941යි…

අද දවස තුළ කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ අනුව මෙතෙක් ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 941 දක්වා ඉහළ ගියේය.

පන්විල 67 හැවිරිදි කාන්තාවක්, කැලණියේ 60 හැවිරිදි කාන්තාවක්, බුලත්සිංහල 61 හැවිරිදි කාන්තාවක්, ගෝනාපොල 87 හැවිරිදි කාන්තාවක්, ගම්පහ 70 හැවිරිදි පුරුෂයෙක්, කලවාන 71 හැවිරිදි පුරුෂයෙක්, පොළොන්නරුව 73 හැවිරිදි පුරුෂයෙක්, අඹතැන්න 72 හැවිරිදි පුරුෂයෙක්, කුණ්ඩසාලේ 65 හැවිරිදි කාන්තාවක්, උතුරු කළුතර 75 හැවිරිදි කාන්තාවක්, පොළොන්නරුව 76 හැවිරිදි කාන්තාවක්, නවුත්තුඩුව 75 හැවිරිදි කාන්තාවක්, මග්ගොන 78 හැවිරිදි කාන්තාවක්, කොළඹ 13 ප්‍රදේශයේ 68 හැවිරිදි පුරුෂයෙක්, රුවන්වැල්ල 83 හැවිරිදි පුරුෂයෙක්, වවුනියාව 79 හැවිරිදි කාන්තාවක්, කොළඹ 14 ප්‍රදේශයේ 63 හැවිරිදි පුරුෂයෙක්, නෑබොඩ 65 හැවිරිදි පුරුෂයෙක්, දියතලාව 66 හැවිරිදි පුරුෂයෙක්, පස්සර 70 හැවරිදි පුරුෂයෙක් මෙසේ මිය ගිය අය අතර වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳ රජය විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version