අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 5යි… කොවිඩ් ආසාදිතයන් 351යි…

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත පුද්ගල මරණය 05ක් වාර්තා කළේය.  උස්සාපිටිය ප්‍රදේශයේ 53 හැවිරිදි කාන්තාවක්, ගිරිඋල්ල ප්‍රදේශයේ 78 හැවිරිදි  කාන්තාවක්, කොලොන්නාව ප්‍රදේශයේ 72 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, මට්ටක්කුලිය ප්‍රදේශයේ 62 හැවිරිදි කාන්තාවක්, බොරලැස්ගමුව  ප්‍රදේශයේ 70 හැවිරිදි කාන්තාවක් මෙසේ මියගොස් තිබුණේය.  මේ වනවිට රටතුළින් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 489කි.

එමෙන් අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 351ක් වාර්තා විය. බන්ධනාගර රැඳවියෝ 6ක් එම ආසාදිතයන් අතර වූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 80395කි.


Exit mobile version