ඕමන්තේ දරු පැටියාගේ මරණය සැකයි… ඥාතීහු උද්ඝෝෂණය කරති…

දිනසේන රතුගමගේ –

වවුනියාව ඕමන්ත නවාවි ප්‍රදේශයේ දී හත් හැවිරිදි පාසල් සිසුවෙකු ළිදකට වැටී මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති නිසා වහාම විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් මියගිය සිසුවාගේ ඥාතීන් ප්‍රදේශවාසීන් හා පාසල් සිසුහු විශාල පිරිසක් ඊයේ ( 11 ) දා මහ පාරේ විරෝධතාවයක නිරත වූහ.

පුවනේස්වරන් අභීෂාත්  නැමති මෙම සිසුවා අමතර පන්තියකට සහභාගී වීම සඳහා ගොස් මිතුරකුගේ නිවසේ සෙල්ලම් කරමින් සිටියදී ළිදට වැටුණු බව ප්‍රකාශ වූවත්  මේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති නිසා මේ පිළිබඳව  විධිමත් පරීක්ෂණයක් පවත්වා මරණයට වගකිවයුතු පිරිස අත් අඩංගුවට ගන්නා ලෙස ඕමන්ත පොලීසියට බලකරමින් මෙම විරෝධතාවය පවත්වන ලදී.

මියගිය සිසුවාගේ ආදාහනය සිදුකෙරුණු වවුනියාව ආසිකුලම ආච්චිපුරම් ප්‍රදේශයේදී විරෝධතාවය පැවතුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මිතුරා හා මිතුරාගේ මව ලබා දෙන ලද සාක්කිවල පරස්පරතාවයක් ඇති බවත්  දරුවා ළිදට වැටී පැය හයක් පමණ යනතුරු එම තොරතුරු වසන් කිරීමත් නිසා මේ මරණය  පිළිබඳව විශාල සැකයක් ඇති බවත් මියගිය  සිසුවාගේ ඥාතීහු ප්‍රකාශ කොට සිටිති.

Exit mobile version