මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…

ලලිත් චාමින්ද –

ගාල්ල කොටුවේ ප්‍රදිපාගාරය අසල මුහුදු තිරයේ දිය නැමට ගිය තරුණ හිමිනමක් දියේ ගිලිමෙන් අද (25) පස්වරුවේ දි අපවත්වි ඇති බැව් ගාල්ල මුලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අපවත්වි ඇත්තේ බලගොඩ පුංචි පන්සලේ වැඩවසන හැගොඩ සුමන (17) නැමති හිමිනමකි. මෙම හිමියන් තවත් තරුණ හිමිවරුන් තිදෙනෙකු සමග දිය නැම සදහා අද පෙරවරුවේ ගාල්ල කොටුවේ ප්‍රදිපාගාරය අසල මුහුදු තිරයට පැමිණ ඇති බව පොලිසිය පවසයි. මෙම හිමිවරුන් බද්දේගම කිරිබතාවිල අමරවංශ පිරිවෙණේ ඉගෙනුම ලබති. පිරිවෙනේ සිට හිමිවරුන් සිව් දෙනා දිය නෑම සදහා ගාලු කොටුව ප්‍රදිපාගාරය අසල මුහුදු  තීරයට පැමිණ පැය දෙකකට  පමණ කාලයක් දිය නාමින් සිට ඇත.  පන්දුවක් ඒ මේ අත විසිකරමින් දිය නා ඇති අතර  පන්දුව සුළගට පාවි ගොස් ඇත. අපත්වි ඇති හිමියන්  පන්දුව පසුපස පිහිනාගොස් ඇති අතර  ඒ සමග එම හිමියන් දියේ  ගිලිමෙන් මියගොස් ඇති බව පොලිසිය පවසයි. 

පසුව නාවික හමුදාව හා අවට පිරිස් එක් වි  හිමිනමගේ දේහය ගොඩට ගෙනවිත් ඇත.   පශ්චාත් මරණ පරික්ෂණය සඳහා හිමිනමගේ දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යාමට නියමිතව තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගාල්ල මුලස්ථාන පොලිස් පරික්ෂක  කපිල සේනාපතිද සිල්වා මහතාගේ මෙහෙයවිම යටතේ පරික්ෂණ පැවැත්වේ.

 

Exit mobile version