අද දවස තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03යි… ආසාදිතයන් 841යි…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 03ක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. කොළඹ නරගසභා බල ප්‍රදේශය තුළ මරණ දෙකක් හා නුවර පූජාපිටියේ එක් මරණයක් ලෙසිනි. මරණ තුනම කාන්තාවන්ය.

කොළඹ 14 ප්‍රදේශයේ 77 හැවිරිදි කාන්තාවක්, මරදාන ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි කාන්තාවක් හා පූජාපිටියේ 65 හැවිරිදි කාන්තාවක් මිය ගොස් තිබිණි. මේ වනවිට ලංකාවෙන් වාර්තාවන සමස්ථ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 283කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද දින කොවිඩ් ආසිදිත පුද්ගලයන් 841ක් වාර්තා විය.  මේ වනවිට  කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයන් ගණන 54551කි. මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.


Exit mobile version