අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වාර්තා කළේය. එක් පුද්ගලයෙක් ගල්කිස්සේ 69 හැවිරිිදි පුද්ගලයෙකි. අනෙක් තැනැත්තිය රනාල ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිිදි කාන්තාවකි. මෙම පුද්ගල මරණ දෙකක් සමග ලංකාවේ සමස්ථ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම අද දවස තුළ කොවිඩ් ආසාදිතයන්  724ක් හමු වූයේය. ඉන් නව දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය.  මේ වනවිට ලංකාවෙන් හමුවන සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන 53710කි.

Exit mobile version