පොහොට්ටුව 21 ට එරෙහි වෙයි?…

21 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව පොහොට්ටුව සිය ඡන්දය ප්‍රකාශ නොකර සිටීමට සූදානම්වන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට එක් ප්‍රධාන හේතුවක් වන්නේ  පොහොට්ටුවේ පක්ෂ නායක බැසිල් රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය හේතුවෙන් ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී යෑම වැලැක්වීමට බව වාර්තා වේ.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර එහි ඇතුළත් යහපත් අංගද සහිතව   සාධනීය ප්‍රතිසංස්කරණ  ගණනාවක් ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  21 වැනි සංශෝධනය නව රජයේ මංගල කැබිනට්  මණ්ඩලය වෙත  ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

රට වැටී ඇති බිහිසුනු ආර්ථික හා දේශපාලනික අරාජික බවින් බේරා ගැනීම සඳහා අවශ්‍ය සමාජ ප්‍රතිසංස්කරණය ව්‍යවස්ථානුකූලව කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රවේශයක් බලාපොරොත්තුවෙන්  සිදුකරන මෙම   සංශෝධනය  පාර්ලිමේන්තුව තුළ සම්මත කරගැනීමට නොහැකි වුවහොත්  රට  යළිත් දැවැන්ත ව්‍යසනයකට ලක්වනු ඇතැයි මේ පිළිබඳව කළ විමසීමක දී නීති විශාරදයෝ පෙන්වා දුන්හ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ප්‍රවේශය සම්බන්ධව පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලකයෙකුගෙන් කළ විමසීමක දී ඔහු ප්‍රකාශ කළේ මේ සම්බන්ධව තවමත් නිශ්චිත තීන්දුවක් නැති බවත් පක්ෂය තුළ සාකච්ඡාවක් ඇති වී තිබෙන බවත්ය.  මෙවැනි අසීරු අවස්ථාවක විධායකයේ බලය වැඩි කරනු විනා එය දියකර හැරීම සිදු නොකළ යුතු බවට පොහොට්ටුවේ  වැඩි දෙනෙකුගේ මතයක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

Exit mobile version