21 එන්නෙම බැසිල්ව ගෙදර යවන්න… මංගල කැබිනට් මණ්ඩලයට කෙටුම්පත ඉදිරිපත් කරන්න සියල්ල සූදානම්!

basil

බැසිල් රාජපක්ෂ

විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කරන හා ද්විත්ව පුරවැසි භාවය දරන අයගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි කිරීම ඇතුළු සාධනීය ප්‍රතිසංස්කරණ  ගණනාවක් ඇතුළත්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  21 වැනි සංශෝධනය නව රජයේ මංගල කැබිනට්  මණ්ඩලය වෙත  ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඊයේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසූ ආකාරයෙන්ම  එම කටයුත්ත සිදුවනු ඇති බවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 හා 20 සංශෝධනවල යහපත් අංග සහිතව  21 වැනි ව්‍යවස්ථා සංශෝධනය  කෙටුම්පත් කර ඇති බවත්  නීති විශාරද  පිරිසක් ලංකාසරට පැවසූහ.

මේ අතර  21 වැනි සංශෝධනය  සම්බන්ධව   පසුගිය කාලය තුළ විවිධ කණ්ඩායම් , පුද්ගලයින්  හා සංවිධාන ඉදිරිපත් කළ යෝජනා රැසක් ද මෙම කෙටුම්පතට ඇතුළත් කර තිබෙන බව ද එම පිරිස කීහ.

නව සංශෝධනයට අනුව විධායක ජනාධිපතිවරයා සතු බලතල රැසක් නව අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට  හිමි වනු ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


21 වැනි සංශෝධනය සම්මත වීමෙන් පසු ද්විත්ව පුරවැසියෙක් වන බැසිල් රාජපක්ෂගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසී වීමට නියමිතය.

Exit mobile version