21ට කැබිනට් අනුමැතිය….

21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට   කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.  කැබිනට් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඒ බව  ප්‍රකාශ කර ඇත.

හැකි ඉක්මනින් එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවද  ඇමතිවරයා දක්වා තිබේ. අද 21 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත කැබිනට් මණ්ඩලයට දිරිපත් වූයේ පස්වන වතාවටය. අවස්ථා 04ක දී එයට අනුමැතිය හිමි වූයේ නැත.

ජනමත විචාරණයකට නොගොස් ව්‍යවාස්ථාව තුළ කරගත හැකි ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුවක් සහිත සංශෝධන මෙම පමණක් මීට ඇතුළත් බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පවසා තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version