2022 වසරේ ශ්‍රි ලංකා ආර්ථිකයේ සියයට 7.8ක වාර්තාගත හැකිලිමක් !  

වසරේ ශ්‍රි ලංකා ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑම 2022 වසරේදී පෙන්නුම් කර ඇති අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 දී ආර්ථිකය 7.8% හැකිළීමකට ලක්ව ඇත.

2020  වසරේ සිට අඛණ්ඩ ආර්ථික පසුබෑමකට ලක්ව ඇති ශ්‍රි ලංකාව කොවිඩ් හේතුවෙන් පසුබෑ සෙසු රටේ ආර්ථික වර්ධනයක් අත් කර ගනිද්දී ශ්‍රි ලංකාවේ තනතුර අතහැර පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජය විසින් ගන්නා ලද වැරදි ආරථික තීරණ හේතුවෙන්  මෙලෙස 2022 වසරේදී තවදුරටත්  හැකිලී ගිය ශ්‍රි ලංකා ආර්ථිකය වාර්තාගත පසුබෑමක් මෙලෙස සටහන් කර ඇත.

2022 වසරේ ආර්ථිකයේ 7.8% සෘණ වර්ධනය පෙර 2021 වසරේදී ආර්ථිකය සියයට 3.5කින් වර්ධනය විය. 2022 තුළ කෘෂිකර්මාන්තය, කාර්මික සහ ප්‍රධාන ආර්ථික ක්‍රියාකාරකම් තුනම  දැවැන්ත පසුබෑමකට  ලක් ව ඇති බව ජන ලේඛන හා සංඛ්‍යාෙල්කන දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි. එහිදී වැඩිම පසුබෑමකට ලක්ව ඇත්තේ  කර්මාන්ත අංශය යයි. එය සියයට 16% ක පසුබෑමකි.   කෘෂිකර්මාන්තය 4.6%කින්ද   සේවා 2% කින් පහළ ගොස් ඇති අතර  2021 දී කෘෂිකර්මය 0.9% කින් ද කර්මාන්ත 5.7% කින් ද සේවා 3.5% කින් ද වර්ධනය විය.


2022 දී ආර්ථිකයේ සේවා අංශයේ කොටස 56.1% ක් ව ඇත. කර්මාන්ත අංශයෙන් 30.3% ක් සහ කෘෂිකර්මාන්තය 8.7% ක් වූ අතර ‘භාණ්ඩ සඳහා බදු අඩු සහනාධාර’ සංරචකය දළ දේශීය නිෂ්පාදිතයට 4.9% ක කොටසකට දායක විය. අවසාන අංශය 2022 දී 27% කින් හැකිලී ගියේය.

දත්ත වලට අනුව 2022 වසරේ තැන්වන කාර්තුවේ  ආර්ථිකයේ හැකිලීම  හි 11.8% ක් වන අතරය එය සිව් වන කාර්තුවේදී තවදුරටත්  12.4% ක් දක්වා පහළ ගොස් ඇත.  මෙහිදී දරණුතම පහර කර්මාන්ත අංශයට වැදී ඇති අතර සිව් වැනි කාර්තුවේ එම අංශයේ පසුබෑම  30.1% ක් බව වාර්තා පෙන්වා දෙයි. එමෙන්ම සේවා 3.9% කින් හැකිලී ගිය අතර කෘෂිකර්මාන්තය පමණක්  0.7% වර්ධනයක් සමඟ ප්‍රකෘතිමත් විය. වී වගා කිරීම , මිරිදිය මසුන් හා ජලජීවී වගාව, ධාන්‍ය වර්ග සහ රබර් වගාව ඒ සඳහා උපකාර විය.

බදු අඩු නිෂ්පාදන සංරචක සඳහා සහනාධාර හතරවැනි කාර්තුවේදී  හි 32% කින් හැකිලී ගොස් ඇති අතර  කෙතාවිඩ් වසංගතය හේතුවෙන් 2020 වසරේ දෙවැනි කාර්තුවේ  දළ දේශීය නිෂ්පාදිතය 17.1% කින් හැකිළීමෙන්  පසු ගිය වසරේ සිව්වැනි  ආර්ථිකයේ නරකම කාර්ය සාධනය වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ 2022 වසරේ මුල් භාගයේ ආරම්භ වූ ආර්ථික අර්බුදය සහ තරුණ හා සමාජ අසහනය ගැඹුරු වීම සහ ඊට අමතරව නිතර විදුලිය විසන්ධි වීම, ඉන්ධන, අමුද්‍රව්‍ය හිඟය, සැපයුම් දාම කඩාකප්පල් කිරීම් මධ්‍යයේ බලපෑ විදේශ මුදල් හිඟය ආදියයි.  දේශීය හා ගෝලීය වෙළඳපොලවල මිල ඉහල යාම කෘෂිකර්මාන්තය, කර්මාන්ත සහ සේවා යන සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑවේය,” ජන ලේඛන  හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version