2021 සිට මිනුවන්ගොඩ නගර සභා සීමාවේ මස් පිණිස සතුන් ඝාතනය තහනම්…

2021 සිට මිනුවන්ගොඩ නගර සභා සීමාවේ මස් පිණිස සතුන් ඝාතනය තහනම්...

2021 ජනවාරි මස සිට මිනුවන්ගොඩ නගරසභා බල ප්‍රදේශය තුළ ගව ඝාතනය ඇතුළු මස් පිණිස කෙරෙන ඌරන්, කුකුළන් හා එළුවන් ඝාතනය තහනම් කර තිබේ.

නගරසභා බල ප්‍රදේශය තුළ ගවමස් විකිණීම ද තහනම් කර ඇති අතර මස් කරන ලද ඌරන්, කුකුළන් හා එළුවන්ගේ මස් විකිණීමට අවසර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව 2021 වසර සඳහා නගරසභා බල ප්‍රදේශයට නිකුත් කළ සියලුම මස්කඩවල ටෙන්ඩර් අවලංගු කළ බවත්, ගව ඝාතනයට එරෙහිව ජනාධිපති තුමා අගමැති තුමා ඇතුළු රජය දියත් කරන ලද වැඩ පිළිවෙළ ප්‍රායෝගික කිරීම මිනුවන්ගොඩ නගරසභා බල ප්‍රදේශයෙන් ආරම්භ කළ බවත් මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති නීල් ජයසේකර පැවසුවේය.


Exit mobile version