2021 දී අල්ලස්   නඩු 39ක් අල්ලස් හෝ දූෂණ කොමිසම ඉල්ලා අස්කරගෙන… විගණනය හෙළි කරයි…

Court-of-Inquiry

ලලිත් චාමින්ද

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව.පවරනු ලැබු නඩු 39ක් විවිධ හේතුන් මත ඉකුත් වර්ෂයේ දි (2021) ඉල්ලා අස්කරගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති   විගණන  වාර්තාවක සඳහන් වේ.

 එමෙන්ම කොමිසම් සභාව විසින් පවරනු ලැබු නඩු වලින් 2019 හා 2020 වර්ෂවලදි  නඩු 10ක් විවිධ හේතුන්මත ඉල්ලා අස්කරගෙන තිබුණි.  

ඉකුත් වර්ෂයේ ඉල්ලාඅස්කරගෙන තිබු නඩු 39න්  05ක් 2015 වර්ෂයට පෙර පවරනු ලැබු නඩුබව ද විගණන වාර්තාවේ සදහන් වේ. 

මින් නඩු 32ක් 2015 වර්ෂයේ සිට 2018  වර්ෂය දක්වා කාලය තුළ පැවරු නඩු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. 2019 වර්ෂයේ දි පවරනු ලැබු නඩු 02ක් ද  ඉල්ලා අස්කරගෙන තිබුණි.


මෙම නඩු ඉල්ලා අස්කරගෙන ඇත්තේ  නඩුවල පැවති තාක්ෂණික දෝෂ මගහරවාගෙන  නැවත නඩු පැවරීම  සඳහා බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් විගණනයට සඳහන් කොට ඇත. 

ඉල්ලා අස්කරගෙන ඇති නඩුවල පැවති තාක්ෂණික දෝෂ මගහරවාගෙන  නැවත නඩු පැවරිම කළයුතු බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම් සභාව විසින් 2021 වර්ෂයට අදාලව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 

Exit mobile version